07 July 2025

logo

නිව්යෝර්ක් ලොව වායු දූෂණය ඉහළම නගර අතරට



ලොව වායු දූෂණය ඉහළම නගර අතරට ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර ඇතුළත්ව තිබෙනවා. 

ඒ එම නගරයේ වායු ගුණත්වය සෞඛ්‍යයට අහිතකර අගයක් දක්වා වර්ධනය වීමත් සමගයි. 
 
කැනඩාවේ හට ගෙන තිබෙන ලැව් ගිණි හේතුවෙන් මෙලෙස වායු ගුණත්වය පිරිහෙමින් පවතින බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. 
 
ඒ අනුව මිනෙසෝටා, විස්කොන්සින් යන නගරවල ද වායු ගුණත්වය ඊයේ රාත්‍රිය වනවිට දැඩි ලෙස අහිතකර මට්ටමක් දක්වා වර්ධනය වී තිබූ බව සඳහන්.
(colombotimes.lk)