colombotimes.lk
සිංහල | English

18 October 2024


සිංහයන්ට සහ ඇෆ්ගන්වරුන්ට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය මෙන්න



ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට සහ ශ්‍රී ලංකා කාණ්ඩයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලි සඳහා වන නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙක්ගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දරනු ලබන්නේ Tim Southee විසින්.

නවසීලන්තය ඇෆ්ගනිස්ථානයට එරෙහිව එක් ටෙස්ට් තරගයක් සහ ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයට එරෙහි ටෙස්ට් තරගය සැප්තැම්බර් 9 වනදා සිට 13 වනදා දක්වා පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවට එරෙහි තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වනදා ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව එම තරග සඳහා නම් කරන ලද නවසීලන්ත සංචිතය පහතින්,

Tim Southee (capt)
Tom Blundell
Michael Bracewell
Devon Conway
Matt Henry
Tom Latham
Daryl Mitchell
Will O'Rourke
Ajaz Patel
Glenn Phillips
Rachin Ravindra
Mitchell Santner
Ben Sears
Kane Williamson
Will Young

(colombotimes.lk)