06 February 2025


කොරියාවෙන් නව රැකියා අවස්ථා



ශ්‍රී ලංකාවට නව රැකියා අවස්ථා සඳහා ඉඩ සලසා දෙමින් කොරියානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් ඊයේ (04) දකුණු කොරියාවේදී පවත්වා තිබෙනවා.

එහිදී කොරියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවට නව රැකියා දොරටු රැසක් විවර කරන බව ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසර කිහිපයේ පැවති මූල්‍ය අර්බුද හමුවේ නැවත නැගී සිටින ශ්‍රී ලංකාවට තම රට පැරිස් සමාජයේ සාමාජිකයෙකු ලෙස ඉදිරි කටයුතු සාර්ථකව කරගෙන යෑම සඳහා සෑම විටම පෙනී සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.
(colombotimes.lk)