13 February 2026

logo

සිසුන් 08ක් රෝහල් ගත කරයි



මොරටුව ප්‍රදේශයේ පාසලක සිසුන් 08දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

ඒ එම පාසලේ රසායනාගාරයක් තුළ ප්‍රායෝගික ක්‍රියාකාරකමක් සිදු කරමින් සිටි අවස්ථාවක රසායනික ද්‍රව්‍යයක් ආඝ්‍රාණයවීම හේතුවෙන්. 

එම සිසුන් පිරිස පානදුර මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළා. 

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ රෝහල් ගත කළ සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.

මේ වන විට එලෙස රෝහල් ගත කළ සිසුන් පිරිස 13ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)