13 February 2026

logo

සත්‍යග්‍රහයේ නිරත ධීවරයන්ට සුබ පණිවිඩයක්



ධීවරයන් පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (13) 09වන දිනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ ට්‍රැක්ටරයකට සවිකරන ලද වින්ච් යන්ත්‍ර මඟින් සිදුකරන මාදැල් ධීවර කටයුතුවලට පනවා ඇති තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින්. 

එම තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් මුලතිව් හා කෝකිලායි ඇතුළු ප්‍රදේශ කිහිපයක මාදැල් ධීවරයන් පිරිසක් පසුගිය 05වනදා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා. 

එලෙස සත්‍යග්‍රහයේ නිරත ධීවරයන්ට අද (13) පස්වරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)