18 December 2025

logo

හමුදා කුමන්ත්‍රණයකින් නයිජර් ජනපති එළවයි



හමුදා කුමන්ත්‍රණයක් හරහා නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම් බලයෙන් ඉවත් කර තිබෙනවා. 

එරට ජාතික රූපවාහිනිය හරහා ප්‍රකාශයක් සිදු කරමින් ඔවුන් කියා සිටියේ නයිජර් රාජ්‍යයේ පාලනය තම භාරයට ගත් බවත්, ව්‍යවස්ථාව විසුරුවා හැර, සියලු ආයතන අත්හිටුවා බටහිර අප්‍රිකානු රටේ දේශසීමා වසා දැමූ බවයි. 
 
නයිජර් ජනාධිපති මොහොමඩ් බසූම් බදාදා අලුයම සිට ජනාධිපති ආරක්ෂක භටයින් විසින් රඳවා තබා ගෙන සිට තිබෙනවා. 
 
මොහොමඩ් බාසූම් බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය සටන්කාමීත්වයට එරෙහි සටනේ ප්‍රධාන බටහිර සගයෙක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
 
මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ද කියා සිටියේ තමන් ජනාධිපතිවරයා සමඟ කතා කළ බවත් ඔහුට එක්සත් ජාතීන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.
(colombotimes.lk)