30 May 2026

logo

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය අද විවාදයට



බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. 

මෙම විශ්වාසභංග යෝජනාව සමගි ජනබලවේගය ප්‍රමුඛ ඒකාබද්ද විපක්ෂය විසින් පසුගියදා කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

බලශක්ති කලමනාකරණය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල පැහැරහැරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා. 

(colombotimes.lk)