රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අද සිට ආරම්භ කරන බවත් රියදුරු බලපත්‍රයේ යම් වෙනස්කමක් සිදු කිරීමට අවශ්‍ය නොවන්නේ නම් තාවකාලික රියදුරු බලපත්‍රය එම ආයතනයෙන් ලබා ගත හැකි බවයි.
තාවකාලික රියදුරු බලපත්‍ර අයදුම්කරුවන් වේරහැර මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)