කඳාන පොලිස් වසමේ හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වෙසක් මහා පෙරහැර හේතුවෙන් අද (23) රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය පවසනවා.
කඳාන, හපුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ වාර්ෂික වෙසක් මහා පෙරහැර අද (23) රාත්‍රී 7.00ට වීදි සංචාරය කිරීමට නියමිතයි.
පෙරහැර විහරස්ථානයේ සිට කඳාන නගරය මධ්‍යයෙන් ගම්පහ කඳාන මාර්ගයේ හා කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ වීදි සංචාරය කර නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබෙනවා.
මෙම පෙරහැර ගම්පහ කඳාන මාර්ගයේ රාගම වැව හන්දියේ සිට මීගමුව මාර්ගයේ ගණේමුල්ල මංසන්ධිය දක්වා රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.30 දක්වා ගමන් කිරීමට නියමිතයි.
එමෙන්ම කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ කඳාන ගණේමුල්ල මංසන්ධියේ සිට ආනියාකන්ද රෝහල් හන්දිය දක්වා රාත්‍රී 10.30 සිට පසුදින අළුයම 1.00 දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)
