06 February 2026

logo

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි



ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)