17 October 2025

logo

Ocean Gate ආයතනයේ සියලු මෙහෙයුම් නවත්වයි



Ocean Gate ආයතනයේ සියලු ගවේෂණ සහ වාණිජ මෙහෙයුම් නවතා ඇති බව සිය වෙබ් අඩවිය තුළ දක්වා තිබෙනවා. 

ඒ පසුගිය ජුනි 18 වන දින සිදු වූ Titan සබ්මැරීනයේ පුපුරයාමේ සිදුවීමෙන් අනතුරුවයි. 
 
කෙසේවෙතත් එම සිදුවීම සම්බන්ධව පරීක්ෂණයක් සිදුවෙමින් පවතිනවා. 
 
එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ නායකත්වයෙන් යුත් බලධාරීන් පැවසුවේ අනාගතයේදී මෙවැනි අනතුරු වළක්වා ගැනීම මෙම පරීක්ෂණයේ අරමුණ බවයි. 
 
මේ අතර තම වෙබ් අඩවියේ සමාගම විසින් පෘතුගීසි දූපත් සමූහයක් වන අසෝර්ස් සහ බහමාස් හි සංචාරයන් ගැන ද පසුගිය දා ප්‍රචාරය කර තිබුණා.
(colombotimes.lk)