සේවකයින් 29ක් පමණක් ඇති ජාතික භාෂා සහ පුහුණු ආයතන කාර්යාලයේ තට්ටු පහක් වෙනුවෙන් මාසෙකට ලක්ෂ 12කට ආසන්න මුදලක් ගෙවන බවට අනාවරණය වී තිබෙනවා.
ඒ බව පසුගිය දා පැවතී කෝප් කමිටුවේදී අනාවරණය වුණා.
මෙම ගොඩනැගිල්ල 2017 දී කුලී පදනම මත ලබාගෙන ඇති අතරම 2023 පෙබරවාරි මාසය වන විට එහි ගිවිසුම් කාලය අවසන් වී තිබෙනවා.
මෙම ගොඩනැගිල්ල හේතුවෙන් මුදල් අපතේ යන බව අවස්ථාවන් ගණනාවකදී නිලධාරීන් විසින් ඊට අදාළ බලධාරීන් දැනුම්වත් කළ ද මේ දක්වා ඊට මුදල් වැය කර ඇති බව සඳහන්.
(Colombotimes.lk)
