24 November 2025

logo

ත්‍රීරෝද රථයක් මතට ගසක් කඩා වැටී සිදු වූ අනතුරින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් මතට මාර ගසක් කඩා වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් තුන්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ 38 හැවිරිදි වියේ පසුවන ත්‍රීරෝද රථයේ රියදුරු එලෙස මියගොස් ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම විශාල ගස ඉවත් කරන තෙක් රඹුක්කන - මාවනැල්ල මාර්ගයේ තලගොල්ල ප්‍රදේශය තාවකාලිකව වසා දමා ඇති බවයි.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම්දී තිබෙනවා. 

(colombotimes.lk)