කුරුණෑගල පොලිස් වසමේ විල්බාව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික අධ්‍යාපන ආයතනයක ඉදිකිරීම් කටයුතු සිදු කරන කම්කරුවන් පිරිසක් නවාතැන්ගෙන සිටි තාවකාලික වාඩියක ගින්නක් හටගෙන තිබෙනවා.
එම ගින්න හේතුවෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
කුරුණෑගල පොලීසියට ලද පණිවිඩයක් මත සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඊයේ (20) රාත්‍රී කාලයේදී මෙම ගින්න හටගෙන ඇති බවයි.
එම අනතුරෙන් මියගිය පුද්ගලයා අවුරුදු 36ක වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)