අධික වේගයෙන් ධාවනය වූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (14) උදෑසන අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල ඉන්ධන පිරවුම්හල ආසන්නයේදීයි.
එම අනතුරින් අදාළ යතුරු පැදි දෙකටම දැඩි අලාභ හානි සිදුවී ඇති අතර ඉන් තිදෙනෙක් තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ යතුරු පැදි දෙකේම අධික වේගය මෙම අනතුරට හේතුව වී ඇති බවයි.
(colombotimes.lk)