30 April 2026

logo

කෙහෙළියට අද CIDයට එන්න නියෝගයක්



ව්‍යාජ ලේඛන සකස් කරමින් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදු කිරීම හා රෝගී ජීවිත අනාරක්ෂිත තත්වයට පත් කිරීමේ සිද්ධියට අදාළව විමර්ශන මේ දිනවල සිදු කෙරෙනවා.

ඒ අනුව සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හට අද (2) දිනයේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම ඊයේ නියෝග කළා.

පසුගිය 31 වනදා ද සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දැනුම් දී තිබුණත් ඔහු එම ප්‍රකාශය ලබා දීම හිතාමතාම මඟ හැර ඇති නිසායි නැවතත් අද දිනයේ පැමිණෙන ලෙස නියෝග කර ඇත්තේ.

මේ අතර ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)