ශ්‍රී ලංකාව විසින් පුරවැසිභාවය ලබාදීමේ ක්‍රමවේදයේ වෙනසක් කළ යුතු බව විපක්ෂ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.
ඒ අනුව ඉන්දියාව විසින් අනුගමනය කරන ක්‍රමවේදනය අනුගමනය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
සිය X (Twitter) ගිණුමේ සටහනක් තබමින් මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉන්දීය නීතිය ද්විත්ව පුරවැසිභාවයට ඉඩ නොදෙන බවයි.
නමුත් ඉන්දියාවෙන් සංක්‍රමණය වී විදේශ පුරවැසිභාවය ලබා ගන්නා ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයින්ට ඉන්දියාවේ විදේශ පුරවැසිභාවය ලබා දෙන බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
Indian law doesn’t allow dual citizenship but provide Overseas Citizenship of India (#OCI) status to persons of Indian Origins who migrated from #India & acquired foreign citizenship. OCI holders can buy residential & commercial properties in India but farmland & can’t engage in… pic.twitter.com/BeK8KpYJGW
— Mano Ganesan (@ManoGanesan) January 30, 2024
