විදුලි ගාස්තු අඩු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ අවසන් තීරණයකට අද එළඹීමට නියමිතයි.
ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් හෙට (01) සිට ක්‍රියාත්මක වන අවසන් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
යෝජිත ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම සඳහා මහජන කොමිෂන් සභාව ඊයේ විශේෂ සැසියක් පැවැත්වුවා.
ඒ අනුව මහජන අදහස් සහ ලංවිම ඉදිරිපත් කරන සූත්‍ර සලකා බැලීමෙන් අනතුරුව මහජන උපයෝගිතා කොමිසම සිය තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.
හෙට (01) සිට සමස්ත විදුලි ගාස්තු සියයට 3.15 කින් පමණ අඩු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර තිබෙනවා.
යෝජනාවට අනුව, මසකට ඒකක 0 සිට 30 දක්වා පරිභෝජනය කරන ගෘහස්ථ පරිශීලකයින්ට සියයට 26.9 ක ගාස්තු සංශෝධනයක් දක්නට ලැබෙනවා.
(colombotimes.lk)