30 April 2026

logo

පාකිස්තානයේ මහ මැතිවරණය අදයි



ප්‍රාන්ත 04කින් සමන්විත පාකිස්ථානයේ 12 වන මහ මැතිවරණය අද (08) පැවැත්වෙනවා.

ඒ අනුව මන්ත්‍රී ආසන 336 වෙනුවෙන් ඡන්දදායකයින් මිලියන 12ක් මෙවර ඡන්දය භාවිතා කිරීමට නියමිතයි.

මීට අමතරව මැතිවරණ දිනයේ දී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට පාකිස්තානය තීරණය කර තිබෙනවා.

පාකිස්තානයේ සිදු විය හැකි කැලඹිලි තත්ත්වයන් සහ ත්‍රස්තවාදී ක්‍රියාවන් පාලනය කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)