04 July 2025

logo

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් අද CIDයට



05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ දෙමාපියන් පිරිසක් නියෝජනය කරන, ශිෂ්‍යත්ව විභාගයෙන් අගතියට පත් ගුරු දෙගුරු සංසදයේ සාමාජිකයන් අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා.
 
ඒ ඔවුන් සතුව පවතින සාක්ෂි ලබා ගැනීම සඳහායි.     
        
මතභේදයට තුඩු දී ඇති ශිෂ්‍යත්ව විභාග ගැටලුව සම්බන්ධයෙන් සිදු කරමින් පවතින පරීක්ෂණවල ප්‍රගති සමාලෝචන සාකච්ඡාවකට ඔවුන්ව ඊයේ (01) මානව හිමිකම් කොමිෂන් සභාව වෙතද කැඳවා තිබුණා.

(colombotimes.lk)