24 August 2025

logo

රනිල්ව බලන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අධිකරණ භූමියට



අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් වන නඩුව මේ වන විට අධිකරණය තුළ විභාග වෙමින් පවතිනවා.

එවැනි පසුබිමක හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම හිටපු මන්ත්‍රීවරුන් රැසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සාගල කාරියවසම්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ද පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)