අද (14) පැවැත්වීමට නියමිත පළමු T20 තරගය සඳහා ශ්‍රි ලංකා කණ්ඩායමේ නිත්‍ය ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ක්‍රීඩා කිරිමට නියමිතව තිබෙනවා.
ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමි වුණා.
කෙසේ වෙතත් පැතුම් නිස්සංක මේ වන විට නිසි ශාරීරික යෝග්‍යතාවකින් පසු වීම හේතුවෙන් ඔහු අද තරගය සඳහා ක්‍රීඩා කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගය සඳහා ක්‍රීඩා කිරිමට නියමිතව ඇති බව සඳහන්.
තරගය ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී රාත්‍රී 07ට ආරම්භ වනු ඇති.
(colombotimes.lk)
