මගී බස් රථවල ගමන් කිරීමේදී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් මඟින් අද (24) සිට ගෙවීමේ හැකියාව ලබාදීමට හැකි බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙහි සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ආරම්භ වීමට නියමිතයි.
බස් ගාස්තු ගෙවීමෙන් පසු ඉතිරි මුදල් යළි ලබා නොදීම ආදී ගැටලුවලට විසඳුමක් ලෙස මෙලෙස බැංකු කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමේ පහසුකම හදුන්වාදී තිබෙනවා.
ඩිජිටල් අමාත්‍යාංශය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරන අතර පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
