තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නොහොත් වීරසිංහගේ සනත් නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය විසින් අද (03) අවසර ලබාදී තිබෙනවා.
තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත් විදුර වීරකෝන් විසින් සැකකරු එළඹෙන 09වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
බෙලිඅත්තේ සනා නැමති මෙම අපරාධකරු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පසුගිය 01වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)