මාන්තිව් දූපතේ නව බන්ධනාගාරයක් ඉදි කිරීමට සැලසුම්



නැගෙනහිර පළාතේ මඩකලපුව නගරයට ආසන්න මුහුදු තීරයේ පිහිටා ඇති මාන්තිව් දූපතේ බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට සිරකරුවන්ගේ වැඩිවීම හේතුවෙන් පවතින අධික තදබදයට විසඳුමක් ලෙසයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත්තේ.

මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත වන නිසා මෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාවක් පවතින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)