24 August 2025

logo

නව ආයෝජන කලාප 07ක් පිහිටුවීමට සැලසුම්



නව ආයෝජන කලාප 07ක් මේ වසරේදී පිහිටුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසනවා.

එහි සභාපති අර්ජුන හේරත් සඳහන් කළේ උතුරු පළාතේ ආයෝජන කලාප තුනක්, වයඹ, නැගෙනහිර සහ දකුණු පළාත්වල එක් ආයෝජන කලාපය බැගින් පිහිටුවීමට සැලසුම් කරන බවයි.

අක්කර 300ක විශාලත්වයෙන් යුත් උතුරු පළාතේ කන්කසන්තුරෙයි ආයෝජන කලාපයේ ඇඟලුම් සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  යෝජනා ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අක්කර 200ක විශාලත්වයෙන් යුත් පරන්තන් ආයෝජන කලාපයේ රසායන නිෂ්පාදන කම්හල් පිහිටුවීමට නියමිත බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මේ යටතේ ඉරණවිල ආයෝජන කලාපයේ සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපෘති පිහිටුවන බවයි.

(colombotimes.lk)