ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක අරමුදල් සලසා ගැනීම පිණිස ශ්‍රී ලංකා රජය ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය සමඟ මූල්‍ය ගිවිසුමක් අත්සන් කර තිබෙනවා.
ඒ අනුව බෝ නොවන රෝග වැළැක්වීම හා කළමනාකරණය, වැඩිහිටි හා සහන සත්කාර, ප්‍රජා මට්ටමේ සේවාවන් ශක්තිමත් කිරීම සහ දේශගුණය ආශ්‍රිත සෞඛ්‍යමය හදිසි අවස්ථා සඳහා ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැගීම ඇතුළු සෞඛ්‍ය සේවාවන් සැපයීම අරමුණු කර ගනිමින් එම ව්‍යාපෘතිය 2024 සිට 2028 දක්වා කාලසීමාව තුළ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන බවයි සඳහන් වන්නේ. 
(colombotimes.lk)
