වැලිපැන්න පොලීසියට අනුයුක්තව රාජකාරී සිදු කළ සැරයන්වරයෙක් අලුත්ගම මතුගම මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක ගැටී මිය ගොස් ඇති බව වැලිපැන්න පොලීසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 54ක් වූ ගොඩැල්ලගේ උපුල් සමන්ත නැමති පොලිස් සැරයන්වරයෙක් බවයි වාර්තා වන්නේ.
ඊයේ (15) රාත්‍රියේ ජීප් රථයකින් අලුත්ගම - මතුගම මාර්ගයේ ලබුවැල්ගොඩ මංසන්ධියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම මාර්ගයේ අධික වේගයෙන් ගමන් ගත් යතුරුපැදියක් නවත්වන ලෙස නියෝග කර තිබෙනවා.
එහිදී වේගය පාලනය කරගත නොහැකි වූ යතුරුපැදිය, රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන්වරයාගේ ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී පොලිස් සැරයන්වරයා විසි වී ගොස් අසල කාණුවකට වැටී හිසට බරපතළ තුවාල සිදු වී තිබෙනවා.
(colombotimes.lk)
