අනවසරයෙන් වැලි ජාවාරම් කළ පුද්ගලයෙකු පැදවූ ට්‍රැක්ටර් රථයකට පසුගියදා (24) පොලීසිය විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
ඒ යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදීයි.
කොඩිකාමම් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ එම ට්‍රැක්ටර් රථය නවත්වන ලෙස පොලිස් නිලධාරීන් විසින් අණ කර ඇති බවත් එහිදී ට්‍රැක්ටර් රථයේ රියදුරු පොලිස් නිලධාරීන්ව අනතුරට ලක් කිරීමට උත්සහා දරා ඇති අතර එහිදී පොලීසිය විසින් ට්‍රැක්ටර් රථයේ රෝදයකට වෙඩි තැබීමට කටයුතු කළ බවයි.
ඒ අනුව වෙඩි වැදීමෙන් ට්‍රැක්ටර් රථයේ රෝදයකට හානි සිදුවී ඇති අතර ට්‍රැක්ටර් රථය පැදවූ වයස අවුරුදු 18ක් වන තරුණයෙක් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)
