24 August 2025

logo

තැපැල් වෘත්තීය සමිති සත්‍යග්‍රහයක් අරඹයි



වර්ජනයේ නිරත වෘත්තීය සමිති, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සත්‍යග්‍රහය සඳහා ලංකා ගුරු සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයන්ද සහයෝගය පළ කර තිබෙන බවයි වර්තා වන්නේ.

මේ වන විට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන තිබෙන අතර පොලිස් නිලධාරීන් රැසක් ද එම ස්ථානයේ යොදවා තිබෙනවා. 

(colombotimes.lk)