පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පූර්ව ඇගයීම් කටයුතු අද (11) ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ සඳහන් කළේ සියලු උපදෙස් රැස්වීම් පවත්වා අවසන් කර ලබන 22වනදා සිට 27වනදා දක්වා දින 6ක් මධ්‍යස්ථාන 43කදී ඇගයීම් ක්‍රියාවලිය සිදු කරන බවයි.
එළඹෙන සැප්තැම්බර් මස 20වනදාට පෙර ප්‍රතිඵල නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
(colombotimes.lk)