06 February 2026

logo

ජනපති වැඩ රාශියක් සඳහා අද මහනුවරට



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (06) මහනුවර දිස්ත්‍රික්කයේ විශේෂ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ඒ දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ පූර්ණ සහ අර්ධ නිවාස හානි සිදුවූ පුද්ගලයන් වෙනුවෙන් නව නිවාස ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරීමට සහ වන්දි ප්‍රදානය කිරීම සඳහායි.
 
මෙහිදී මහනුවර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු කිහිපයක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. 

මේ අතර මහනුවර - යාපනය A-9 මාර්ගයේ මහයියාව උමං මාර්ගයෙහි ඉදිකිරීම් ඇරඹීම සහ ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් හෙට (07) යළි ඇරඹීමට ද නියමිතයි.

(colombotimes.lk)