විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බවයි.
එමෙන්ම ක්‍රීඩා භූමිය වෙත විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය සහ මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සේවයේ යොදවා ඇති බවයි.
(colombotimes.lk)
