හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙක් වන අනූෂ පැල්පිට තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන 20වනදා දක්වායි.
අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
අයථා ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් ඔහුව පසුගියදා අත්අඩංගුවට ගැනුණා.
(colombotimes.lk)
