01 August 2025

logo

ජනපති දිවයිනට පැමිණෙයි



මාලදිවයින් රාජ්‍ය සංචාරය සාර්ථකව අවසන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (30) රාත්‍රියේ දිවයිනට පැමිණ තිබෙනවා. 

මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසුගේ ආරාධනයකට අනුව පසුගිය 28වනදා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වුණා. 

මෙම රාජ්‍ය සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක, ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු සමඟ මෙන්ම මාලදිවයිනේ කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය ප්‍රධානීන් සමඟද අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශවික, කලාපීය සහ ජාත්‍යන්තර කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අන්‍යෝන්‍ය නීති අධාර ගිවිසු‍මක් සහ මාලදිවයිනේ විදේශ සේවා ආයතනය (FOSIM) සහ බණ්ඩාරනායක රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය අතර අවබෝධතා ගිවිසුමක්ද හුවමාරු කර ගෙන තිබෙනවා. 

(colombotimes.lk)