17 October 2025

logo

ජනපති ජපාන නිල සංචාරය අරඹයි



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80වන සැසිවාරයට සහභාගි වීම සඳහා වූ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරය සාර්ථකව නිම කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානය බලා පිටත්ව ගොස් තිබෙනවා. 

ඔහු ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත්ව ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. 

ජපන් රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් 27වනදා දින සිට 30වනදා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා. 


(colombotimes.lk)