17 October 2025

logo

ජනපති ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක



ජපාන රජයේ ආරාධනයකට අනුව එරට නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ වට මේස සාකච්ඡාවකට එක්ව තිබෙනවා.

ජපාන විදේශ වෙළඳ සංවිධානයේ (JETRO) සභාපති  සහ ප්‍රධාන විධායක නිලධාරී Ishiguro Norihikoගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ (JSLBCC) සභාපති සහ ITOCHU සමාගමේ සභාපති Fumihiko Kabayashi ඇතුළු පිරිසක්ද එක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වාදී තිබෙනවා.

එමෙන්ම රට තුළ ආයෝජන හිතකර පරිසරයක් ගොඩ නඟමින්, වංචාව සහ දූෂණය පිටුදැකීමට වත්මන් රජය ගෙන ඇති පියවර ද පැහැදිලි කර තිබෙන බවයි සඳහන් වන්නේ. 



(colombotimes.lk)