31 January 2026

logo

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්



ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ මැදපෙරදිග කලාපය හරහා ඇතිවෙමින් පවතින උණුසුම් ආරක්ෂක ප්‍රවණතා පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසයි. 
 
එලෙස පැමිණෙන ඕනෑම අවදානම් තත්ත්වයක් පාලනය කිරීමට ඊශ්‍රායල් ආරක්ෂක අංශ සූදානමින් සිටින බවත් ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍යාංශය නිරන්තරයෙන් තොරතුරු හා උපදෙස් යාවත්කාලීන කරන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර සඳහන් කළා. 

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ හදිසි අවස්ථාවක ඇතිවන මිසයිල ප්‍රහාර පිළිබඳව සෑම ජංගම දුරකථනයකටම තොරතුරු ලැබෙන අතර සයිරන් හඬ නිකුත් වුවහොත් තමා ආසන්නයේ ඇති ආරක්ෂක කුටියක රැකවරණ ලබා ගත හැකි බවයි. 

(colombotimes.lk)