24 August 2025

logo

ජනපති තවත් විදෙස් සංචාරයකට සූදානම් වෙයි



ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන සැප්තැම්බර් 24වනදා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීමට නියමිතව තිබෙනවා.
 
ඒ සඳහා සහභාගීවීමට ජනාධිපතිවරයා සැප්තැම්බර් 23වනදා ඇමරිකාව බලා පිටත්වයාමට නියමිතයි.

එම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමරිකාවේ වෙසන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතව තිබෙනවා. 

එමෙන්ම ඉන් අනතුරුව නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා ජපානය බලා පිටත්වයාමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එම සංචාරයේදී ජනාධිපතිවරයා ජපානයේදී පැවැත්වෙන ශ්‍රී ලාංකික දින උත්සවයට සහභාගිවීමට ද නියමිතව තිබෙනවා. 

(colombotimes.lk)