බන්ධනාගාරගත වන පිරිසෙන් 64%ක් මත්ද්‍රව්‍ය වැරදිවලට හසු වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙළ 'රටම එකට - ජාතික මෙහෙයුම' වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින්.
මෙම අවස්ථාවට ආගමික නායකයන්, මහජන ආරක්ෂක කමිටුවල කණ්ඩායම්, පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් මෙන්ම විදේශ තානාපතිවරු 50දෙනෙක් ද සහභාගී වී තිබෙනවා.
මෙම වැඩසටහනේ අරමුණ වන්නේ මෙරට තරුණ ප්‍රජාවගේ මෙන්ම පාසල් ළමුන්ගේ ද ජීවිත අවධානමට ලක් කර ඇති විෂ මත්ද්‍රව්‍ය උවදුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමයි.
(colombotimes.lk)
