ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
පළමුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක ද නිරත වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබෙනවා.
(colombotimes.lk)