20 January 2026

logo

ආපදා කළමනාකරණය පිළිබඳ ජනපති කමිටුව අදත් රැස්වෙයි



ආපදා කළමණාකරනය පිළිබද ජනාධිපති කමිටුව අද (10) දෙවන දිනටත් රැස්වී තිබෙනවා. 

ආපදා හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ලබාදෙන විදෙස් ආධාර නිසි සම්බන්ධීකරණයකින් අදාළ පිරිස වෙත ලබාදීම වෙනුවෙන් එම කමිටුව පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම කමිටුවේ සභාපති ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර වන අතර එම කමිටුව සාමාජිකයන් 08දෙනෙක්ගෙන් සමන්විත වනවා. 

ඔහු සඳහන් කළේ ආධාර ලබාදීමේ වැඩපිලිවෙළ පිළිබද මහජනතාව සහ තානාපති කාර්යාල දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

(colombotimes.lk)