24 August 2025

logo

ශ්‍රීලංකන් අක්‍රමිතා සොයන ජනපති කමිටුව මහජන පැමිණිලි කැඳවයි



ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වූ වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව විසින් මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව සඳහන් කළේ පැමිණිලි අදහස් හා යෝජනා ලබාදීමට උනන්දුවක් දක්වන පුද්ගලයන්, 2025 සැප්තැම්බර් 05 දිනට පෙර psicairport@gmail.com යන Email ලිපිනයට හෝ 070-3307700 යන Whatsapp අංකයට තමන්ගේ ඉල්ලීම යොමු කර දිනයක් සහ වේලාවක් වෙන් කර ගන්නා ලෙසයි. 


(colombotimes.lk)