ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපානයේ නිල සංචාරය අද (27) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ජපන් රජය විසින් සිදු කළ ආරාධනයකට අනුව අද (27) සිට ලබන 30වනදා දක්වා ජනාධිපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වීමට නියමිත බවයි.
මෙම සංචාරය තුළදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජපන් අධිරාජ්‍යයා හමුවීමටද නියමිතව තිබෙනවා.
එමෙන්ම ජපන් අග්‍රාමාත්‍යවරයා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු ගණනාවක් පිළිබඳව අවධාරණය කරන සමුළු රැස්වීමක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මෙහිදී ටෝකියෝවේ ප්‍රමුඛතම ජපන් ව්‍යාපාර සහ අයෝජකයන්ගේ ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ව්‍යාපාරික සංසදයක් ද ජනාධිතිවරයා විසින් ඇමතීමටද නියමිතයි.
(colombotimes.lk)