අතරමැදියන් විසින් සිදුකරන ලද මිල ඉහළ දැමීම් හේතුවෙන් එළවළු මිල ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා.
පවතින අයහපත් කාලගුණයත් සමග උඩරට සහ පහතරට එළවළු තොග සහ සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 400 කට අලෙවි වනවිට තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 510 කටයි.
එමන්ම නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝවක් රුපියල් 600 කට අලෙවි වනවා.
දඹුල්ල සහ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානවල කැරට් කිලෝවක් රුපියල් 160 ත් 170 ත් අතර අලෙවි වුවත් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක මිල රුපියල් 240 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් එළවළුවල සිල්ලර මිල ගණන් පිළිබඳව නාරාහේන්පිට, තඹුත්තේගම, දඹුල්ල සහ නුවරඑළිය යන ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන් සමඟ සැසඳීමේදී අතරමැදියන් විසින් එළවළු මිල ඉහළ දමන බවටයි අනාවරණය වී ඇත්තේ.
(colombotimes.lk)