පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
එය පසුගියදා පැවති පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර ඇති බව සඳහන්.
එම උපදේශක කාරක සභාවට සහභාගී වූ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
කාරක සභා රැස්වීම පැවැත්වෙන අවස්ථාවේ පැමිණ සිටි විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් සිය එකඟතාව පළ කර ඇති බවද සඳහන්.
ඒ අනුව මැතිවරණයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් මැතිවරණය දිගින් දිගටම ප්‍රමාද වීමෙන් පළාත් පාලන ආයතනවල ඉදිරි කටයුතු දැඩි අපහසුතාවයකට පත්වන බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
මේ හේතුවෙන් පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කෙරුණා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තම අමාත්‍යාංශය හෝ රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ, මෙය පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කළ යෝජනාවක් පමණක් බවයි.
(colombotimes.lk)