18 December 2025

logo

නයිජර් හි විරෝධතා තවදුරටත් (VIDEO)



බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර් හි ජනාධිපති Mohamed Bazoum එරට ආරක්ෂක හමුදාවන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කර, ඊට ගිනි තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

එමෙන්ම පිටත තිබූ මෝටර් රථවලට ගල් ගසා ගිනි තබා ඇති බවද සඳහන් වනවා. 
 
මේ අතර ජනාධිපතිවරයා නිදහස් කරන ලෙස ඉල්ලා රුසියාව අනෙකුත් රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව ඇති බවද විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළා. 
 
වසර දෙකකට පෙර නයිජර් ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි Mohamed Bazoum බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය සටන්කාමීන්ට එරෙහි සටනේ ප්‍රධාන ලෙස පෙරමුණ ගත් අයෙක් බවයි වාර්තා වන්නේ. 
 
මිලියන හතරකට වැඩි පිරිසකට මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර පවසා ඇති නමුත් මේ වනවිට නයිජර් හි මානුෂීය මෙහෙයුම් අත්හිටුවා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
(colombotimes.lk)