24 June 2026

logo

කටාර් රාජ්‍යයේ LNG නිෂ්පාදනය තාවකාලිකව නවතියි



කටාර් රාජ්‍යයේ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) නිෂ්පාදන කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන Qatar Energy වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන්. 

කටාර් හී ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන Ras Laffan සහ තවත් ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන Mesaieed යන ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බව එම සමාගම පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නිෂ්පාදන අත්හිටුවීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පවස බවයි.

(colombotimes.lk)