01 December 2022
සිංහල | English

ලිට්‍රෝ සභාපතිගෙන් අනාවරණයක්



ගෑස් සැපයුම පවත්වාගෙන යාම සඳහා ලෝක බැංකුවෙන් ලැබුණු ණය ප්‍රමාණයන් කොටසක් භාණ්ඩාගාරයට ගෙවීමට හැකි වූ බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, එම සම්පූර්ණ ණය මුදල ලබන දෙසැම්බර් මාසය තුළ භාණ්ඩාගාරයට ගෙවා අවසන් කරන බවයි.

ඊයේ දිනය වන විට එම ණය මුදලින් බිලියන 6.5ක් ගෙවූ බවත් ලැබුන මුදල නිවැරදි කළමනාකරණයට ලක් කිරීම මත සුළු ලාබභයක් ලැබීමටත්, ගෑස් මිළ අඩුකිරීමටත් හැකි වූ බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)