ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි විසින් සාපරාධී අපහාස නඩුවක වරදකරුවීම වළක්වන ලෙස ඉල්ලා කළ අභියාචනය ගුජරාට් මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
2019 මැතිවරණ රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම ගැන කළ ප්‍රකාශය හේතුවෙන් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම් නියම වුණා.
කෙසේවෙතත් ගාන්ධි අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇති බැවින් සියලු නීතිමය අභියාචනා අවසන් වන තුරු ඔහු අත්අඩංගුවට නොගනු ඇති.
එමෙන්ම මේ පිළිබඳව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(colombotimes.lk)